" උඹ මොනාත බං ඔච්චර ලියන්නෙ.."
" සිංහල ක්ලාස් එකේ වැඩ බං.."
" උඹට කම්මැලී නේත.."" හ්ම්ම්ම්.."
මං එහෙම්ම ඩෙස් එකේ ඔලුව ගහගත්තා.. මට කම්මැලී නේන්නම්.. සෙතිනු උදේ ඉඳන් ලියනවා.. අහස්ව දැක්කෙත් නෑ දවසටම.. ඌ හව්ස් එකට බැහැලම වැඩනෙ මේ දවස් වල..
අනිත් උනුත් අවලමේ ගිහින්.. මම විතරක් සෙතිනුවා එක්ක පන්තියෙ තනියම..
" ආන් උඹේ අයියා එනවා.."
" දැන් කම්මැලිකම නැතිවෙයි.."සෙතිනුවා කිව්වම මම ඔලුව උස්සලා බැලුවා.. තේව් අයියා එනවා නේන්නම්.. පොර බොටම් ටීශර්ට් පිටින් ඉන්නෙ.. එක අන්ඩකින් බෑග් එකත් එල්ලගෙන.. ම්ම්ම්.. එහෙමත් මරු හැබැයි..
අයියා ලඟටම ආවම මම එයා එක්ක හිනාවුනා..
" අහ් තේව් අයියාහ්හ්.."
" මොකෝ මේ පැත්‍තෙ.."" ඔයාගෙන් පොඩි උදව්වක් ඉල්ලගන්න ආවෙ මං.."
" මගෙන්.."
" කියන්න අයියෙ.. පුලුවන් දෙයක්නම් අනිවාර්යයෙන්ම කරලා දෙනවා.."අයියා හිනාවෙලා බෑග්ගෙක ඇතුලෙන් පාර්සලයක් අරන් මේසෙ උඩින් තිබ්බා..
" මේ බත් එක කවනවකො පැටියො.."
" හව්ස් එකේ වැඩ වගයක් කරන්න ගිහින් මගෙ අත තුවාල උනා.. දැන් කන්න විදිහක් නෑ.."" අප්පාහ්හ්.. ඉතින් අයියා බෙහෙත් දාගත්තද.."
මම අහද්දි අයියා නෑ කියන්න වගේ හිමීට ඔලුව දෙපැත්තට වැනුවා.. අනේ අම්මෝ මෙයාගෙ හුරතලේ..
" බෙහෙත් දාන්නද මං.."
" ම්හ්ම් පස්සෙ බෙහෙත් දාමු.."
" ඊටකලින් කවලා ඉන්නකො.. මට බඩගිනී.."" අහ් ඉන්න අයියෙ.. එහෙනම් මම අත සෝදන් එන්නම්.."
" කාලා ඉවර වෙලා බෙහෙත් දාමු.."
YOU ARE READING
සුදු අරලිය...
Non-Fiction" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ්බෙ හරි ලස්සන නිවිච්ච හිනාවක්.. " ම්ම්ම් මොකද මගෙ චූටි මහත්තයා මට සුදු අරලිය මලක් නිසා.." " අනේ.. හේ...